Home » විශේෂ අව­ශ්‍යතා ඇති අයට ඡන්ද පොළේදී පහ­සු­කම්

විශේෂ අව­ශ්‍යතා ඇති අයට ඡන්ද පොළේදී පහ­සු­කම්

මැති­ව­රණ කොමි­ෂන් සභාව

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වෙන පැවැ­ත්වෙන අද (14) ආබාධ සහිත තැනැ­ත්තන් මැති­ව­රණ ක්‍රියා­ව­ලි­යට අන්ත­ර්ක­ර­ණය කර­ගැ­නීම සඳහා පහ­සු­කම් සලසා දී ඇතැයි මැති­ව­රණ කොමි­ෂන් සභාව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පව­සයි. ඒ අනුව ආබාධ සහිත ඡන්ද­දා­ය­ක­යන්ට කිසිදු අප­හ­සු­තා­ව­කින් තොරව ඡන්දය ප්‍රකාශ කිරී­මට අව­ස්ථාව සලසා දීම වෙනු­වෙන් සියලු ඡන්ද මධ්‍ය­ස්ථාන තුළ මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් පහත සඳ­හන් පහ­සු­කම් සැප­යී­මට කට­යුතු කර ඇති බව එම නිවේ­ද­නයේ දක්වා තිබේ.

අතර  2011 අංක 28 දරන මැති­ව­රණ (විශේෂ විධි­වි­ධාන) පනත මඟින් සංශෝ­ධිත 1981 අංක 1 දරන පාර්ලි­මේන්තු මැති­ව­රණ පනතේ ප්‍රධාන ප්‍රඥ­ප්තියේ 40(2) උප වග­න්තිය අනුව පූර්ණ හෝ අර්ධ දෘශ්‍යා­බා­ධිත තත්ත්ව­ය­කට හෝ යම් ශාරී­රික ආබාධ සහිත තත්ත්ව­ය­කට පත් ඡන්ද හිමි­ය­කුට ඡන්ද­පො­ළේදී ඡන්ද පත්‍රි­කාව සල­කුණු කර­ගැ­නීම සඳහා සහා­ය­ක­යකු කැටුව යා හැකි වන පරිදි නීති­මය ප්‍රති­පා­දන සලසා ඇති බව දන්වා සිටී.

ඒ අනුව යම්කිසි කායික දුබ­ල­තා­වක් නිසා යම් තැනැ­ත්ත­කුට පා ගම­නින් ඡන්ද පොළට යෑම-ඊම කළ නොහැකි නම් යම් වාහ­න­යක් මඟින් ප්‍රවා­හන පහ­සු­කම් සල­සා­ගැ­නීම සඳහා ස්වකීය ඡන්ද වීම­සීම් ප්‍රදේ­ශයේ තේරී­ම්භාර නිල­ධ­රයා මඟින් අව­සර ගැනීම,  කායික දුබ­ල­තා­වෙන් යුතු තැනැ­ත්තන් (ආබාධ සහිත තැනැ­තැ­ත්තන්) සඳහා ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ඇතු­ළු­වීමේ දොර­ටුවේ සිට ඡන්ද­පොළ පැවැ­ත්වෙන ගොඩ­නැ­ඟිල්ල දක්වා මීටර් 100ට වඩා වැඩි දුරක් තිබේ නම් හෝ කඳු සහ පඩි විශාල සංඛ්‍යා­වක ඇති දුෂ්කර ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල, එම ගොඩ­නැ­ඟිල්ල දක්වා ත්‍රිරෝද රථ මඟින් ප්‍රවා­හන පහ­සු­කම් සැල­සීම,  පූර්ණ හෝ අර්ධ දෘශ්‍යා­බාධ සහිත ඡන්ද­දා­ය­ක­යින් හට තනි­වම ඡන්දය සල­කුණු කිරීම සඳහා ඡන්ද පත්‍රි­කාව මහ පෙන්වන ස්ප‍ක රාමුව (Tactile Stencil Frame) භාවිත කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සීම, මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් ආබාධ සහිත තැනැ­ත්තන් සඳහා නිකුත් කරන ලද තාව­කා­ලික හැඳු­නු­ම්පත ඡන්දය පාවිච්චි කිරී­මේදී අන­න්‍ය­තාව සනාථ කිරීමේ වලංගු අන­න්‍යතා ලේඛ­න­යක් (වලංගු හැඳු­නු­ම්ප­තක්) ලෙස ඉදි­රි­පත් කළ හැකි වීම, ඡන්ද පොළ පරි­ශ්‍රයේ ප්‍රද­ර්ශ­නය කරන දැන්වීම්, සංඥා භාෂා­වෙන් රූප සට­හන් සහි­තව ප්‍රද­ර්ශ­නය කර තිබීම, ආබාධ සහිත ඡන්ද­දා­ය­ක­යන්ට කිසිදු බාධා­ව­කින් තොරව ඡන්දය සල­කුණු කිරීම සඳහා අවශ සහය දීම, ඡන්ද සල­කුණු කරන කුටිය තුළ ප්‍රමා­ණ­වත් ආලෝ­කය ලැබෙන ස්ථාන­යක ස්ථාන­ගත කිරීම හෝ විදුලි අලෝ­කය සැප­යී­මට කට­යුතු කිරීම, රෝද පුටු භාවිත කරන තැනැ­ත්තන් සහ උසින් අඩු තැනැ­ත්තන්ට පහසු වන සේ ඡන්ද පෙට්ටිය තබන මේසය අඩු උස මට්ට­මක තිබීම, අර්ධ දෘශ්‍යා­බාධ සහිත තැනැ­ත්තන් සඳහා අකුරු විශාල කර පෙන්වීමේ උප­ක­රණ (අත්කාඡ, විශේෂ උපැස් වැනි දෑ) ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට රැගෙන ආ හැකි බැවින් ඒවා භාවිත කිරී­මට අව­ස­රය දීම,  ඡන්ද පත්‍රි­කාව කිය­වා­ගත නොහැකි තැනැ­ත්තන් සහ පැහැ­දිලි කර දීමක් අවශ්‍ය වන තැනැ­ත්තන් සඳහා අවශ්‍ය පරිදි පැහැ­දිලි කිරීම් සහ ඡන්දය සල­කුණු කිරීම සඳහා ප්‍රමා­ණ­වත් කාල­යක් දීම වෙනු­වෙන් මැති­ව­රණ රාජ­කා­රි­වල නියුතු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ඡන්ද ස්ථානා­ධි­ප­ති­ව­රුන් ඇතුළු සියලු නිල­ධ­ර­යන් වෙත මැති­ව­රණ කොමි­සන් සභාව නිකුත් කර ඇති උප­දෙස් හා විධාන නිසි පරිදි අනු­ග­ම­නය කරන ලෙස දැනුම් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT