2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන පැවැත්වෙන අද (14) ආබාධ සහිත තැනැත්තන් මැතිවරණ ක්‍රියාවලියට අන්තර්කරණය කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව ආබාධ සහිත ඡන්දදායකයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත සඳහන් පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ දක්වා තිබේ.
අතර 2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රධාන ප්රඥප්තියේ 40(2) උප වගන්තිය අනුව පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික ආබාධ සහිත තත්ත්වයකට පත් ඡන්ද හිමියකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව දන්වා සිටී.
ඒ අනුව යම්කිසි කායික දුබලතාවක් නිසා යම් තැනැත්තකුට පා ගමනින් ඡන්ද පොළට යෑම-ඊම කළ නොහැකි නම් යම් වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසාගැනීම සඳහා ස්වකීය ඡන්ද වීමසීම් ප්‍රදේශයේ තේරීම්භාර නිලධරයා මඟින් අවසර ගැනීම, කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් (ආබාධ සහිත තැනැතැත්තන්) සඳහා ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළුවීමේ දොරටුවේ සිට ඡන්දපොළ පැවැත්වෙන ගොඩනැඟිල්ල දක්වා මීටර් 100ට වඩා වැඩි දුරක් තිබේ නම් හෝ කඳු සහ පඩි විශාල සංඛ්‍යාවක ඇති දුෂ්කර ඡන්ද මධ්‍යස්ථානවල, එම ගොඩනැඟිල්ල දක්වා ත්‍රිරෝද රථ මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම, පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්දදායකයින් හට තනිවම ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව මහ පෙන්වන ස්පක රාමුව (Tactile Stencil Frame) භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, මැතිවරණ කොමිෂන් සභාව විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ඡන්දය පාවිච්චි කිරීමේදී අනන්‍යතාව සනාථ කිරීමේ වලංගු අනන්‍යතා ලේඛනයක් (වලංගු හැඳුනුම්පතක්) ලෙස ඉදිරිපත් කළ හැකි වීම, ඡන්ද පොළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරන දැන්වීම්, සංඥා භාෂාවෙන් රූප සටහන් සහිතව ප්‍රදර්ශනය කර තිබීම, ආබාධ සහිත ඡන්දදායකයන්ට කිසිදු බාධාවකින් තොරව ඡන්දය සලකුණු කිරීම සඳහා අවශ සහය දීම, ඡන්ද සලකුණු කරන කුටිය තුළ ප්‍රමාණවත් ආලෝකය ලැබෙන ස්ථානයක ස්ථානගත කිරීම හෝ විදුලි අලෝකය සැපයීමට කටයුතු කිරීම, රෝද පුටු භාවිත කරන තැනැත්තන් සහ උසින් අඩු තැනැත්තන්ට පහසු වන සේ ඡන්ද පෙට්ටිය තබන මේසය අඩු උස මට්ටමක තිබීම, අර්ධ දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් සඳහා අකුරු විශාල කර පෙන්වීමේ උපකරණ (අත්කාඡ, විශේෂ උපැස් වැනි දෑ) ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ආ හැකි බැවින් ඒවා භාවිත කිරීමට අවසරය දීම, ඡන්ද පත්‍රිකාව කියවාගත නොහැකි තැනැත්තන් සහ පැහැදිලි කර දීමක් අවශ්‍ය වන තැනැත්තන් සඳහා අවශ්‍ය පරිදි පැහැදිලි කිරීම් සහ ඡන්දය සලකුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් දීම වෙනුවෙන් මැතිවරණ රාජකාරිවල නියුතු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු සියලු නිලධරයන් වෙත මැතිවරණ කොමිසන් සභාව නිකුත් කර ඇති උපදෙස් හා විධාන නිසි පරිදි අනුගමනය කරන ලෙස දැනුම් දී ඇත.