ගල්කිස්ස, බඩෝවිට ප්රදේශයේ පිහිටි නිවෙසකට යතුරුපැදියකින් ඊයේ රාත්‍රී කාලයේ පැමිණි පුද්ගලයකු ටී 56 අවියකින් නිවෙසේ සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
බඩෝවිට තුන්වැනි අදියරේ පදිංචි, වයස අවුරුදු තිහක් වන මේ පුද්ගලයා මියගොස් ඇත්තේ වෙඩි වැදී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීය. මොහු මීට මාස හයකට පමණ පෙර සිය බිරියට පිහියෙන් යන ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි අයකු බව පොලීසිය කියයි. ඔහු බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණ ඇත්තේ මෑතකදීය.
මත්කුඩු ජාවාරමටද සම්බන්ධකමක් ඇති මේ පුද්ගලයාට වෙඩි තැබූ අය හඳුනාගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බව ගල්කිස්ස පොලීසිය කියයි.