Friday, May 9, 2025
Home » මවට එල්ල කළ මන්නා ප්‍රහා­රය වැදුණු පුතා රෝහලේ

මවට එල්ල කළ මන්නා ප්‍රහා­රය වැදුණු පුතා රෝහලේ

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

මවට එල්ල කළ මන්නා ප්‍රහා­ර­යක් වැළැ­ක්වී­මට ගිය පුතකු එම මන්නා ප්‍රහා­ර­යෙන් තුවාල ලබා කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි උතුරු කළු­තර පොලි­සිය කියයි. පෙරේදා (12) උදෑ­සන සිදු වූ මෙම සිද්ධි­යෙන් තුවාල ලබා රෝහ­ල්ගත කර ඇත්තේ උතුරු කළු­තර, නිග්‍රෝ­ධා­රාම පාරේ පදිං­චි­ක­රු­වකු වූ ජුවාන් ගෝමිස්ගේ හිෂාන් මතීෂ පෙරේරා නම් පුද්ග­ල­යෙකි.

තුවා­ල­ක­රුගේ මව වන වීර­වර්ණ කුල­කු­ල­සූ­රිය බූසා­බ­දුගේ අනෝමා ප්‍රනාන්දු (55) යන අය විසින් පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව මේ පිළි­බඳ පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ. ආර­වු­ලක් මත පැමි­ණි­ලි­කා­රි­යට එල්ල කළ මන්නා ප්‍රහා­ර­යක් වැළැ­ක්වී­මට පුතා මැදට පැන්න විට එම මන්නා පහර පුතාට වැදී ඇතැයි පොලි­සිය කියයි.

මෙම සිද්ධි­යට අදාළ 22 හැවි­රිදි සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහු ඊයේ (13) කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. උතුරු කළු­තර පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් කේ. ජය­ති­ලක මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT