Home » කිරි මැටි වළක සැක ­ස­හිත මළ ­සි­රු­රක්

කිරි මැටි වළක සැක ­ස­හිත මළ ­සි­රු­රක්

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් පොතු­පි­ටිය සහ අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

කළු­තර දෙදි­ය­වල ප්‍රදේ­ශයේ කර­ව­ල­දූව පාළම අසළ කිරි­මැ­ටි­ව­ලක සැක­ස­හිත මළ­සි­රු­රක් හමුවූ බව කළු­තර උතුර පොලී­සිය පව­සයි .

මළ­සි­රුර මුණින් අතට දිය­මත පාවෙ­මින් තිබෙන අතර, එය පිරිමි පුද්ග­ල­ය­කු­ගේද නැත­හොත් කාන්තා­ව­කගේ ද යන්න මෙතෙක් හදු­නා­ගෙන නොමැති බවද පොලී­සිය කියයි.

මිය­ගොස් ඇති අයගේ උඩු­කය නිරු­වත්ව ඇති අතර, සිරුරේ පිළි­ස්සීම් වැනි තුවාල දක්නට ලැබෙන අතර , කවු­රුන් ඝාත­නය කර ගෙන­විත් දමා ඇත්ද යන්න සම්බ­න්ධ­යෙන් ද පොලී­සිය විම­ර්ශ­නය කරයි.

ප්‍රදේ­ශ­වා­සී­යෙකු විසින් දැක පොලි­සිය දැනු­වත් කිරී­මෙන් පසු පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. කළු­තර කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිළ­ධා­රින් පැමි­ණී­මට නිය­මි­තව තිබේ. කළු­තර උතුර ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් ජය­ති­ලක මහතා ගේ උප­දෙස් පරිදි උප පොලිස් පරී­ක්ෂක ආර් ඉන්ද්‍ර­ජිත් මහතා ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ පව­ත්වති .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT