යේමනය සමඟ පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළේය. මේ 16 සහ 19 යන දිනවල කටාර්හිදී පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ ශ්‍රී ලංකා පාපන්දු නායකත්වය සුජාන් පෙරේරාට හිමිව ඇත.
යේමනය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 154 වැනි ස්ථානයේ සිටින අතර, ශ්‍රී ලංකාව 203 වැනි ස්ථානයේ පසු වේ.
ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මෙසේය: සුජාන් පෙරේරා (නායක), කවීෂ ප්‍රනාන්දු, ආදවන් රාජ්මෝහාන්, හර්ෂ ප්‍රනාන්දු, ඔලිවර් කෙලාට්, ජූඩ් සුපුන්, ජේසන් ත්යාපරන්, මොහොමඩ් ආකිබ්, බරත් සුරේෂ්, ලියෝන් පෙරේරා, මොහොමඩ් රිෆ්කාන්, ක්ලව්ඩියෝ කමර්ක්නෙට්, මොහොමඩ් මුර්ෂිත්, සෑම් ඩුරන්ට්, මොහොමඩ් අස්මීර්, අනුජාන් රාජේන්ද්‍රන්, මොහොමඩ් අමාන්, ජැක් හිංගර්ට්, මනරම් පෙරේරා, ඩිලොන් ද සිල්වා, චලන චමීර, මොහොමඩ් තිල්හාම්, සෙනාල් සන්දේෂ්, රාහුල් සුරේෂ්, අබ්දුල්ලා අල්මුතාරි (පුහුණුකරු).