Sunday, May 11, 2025
Home » අන්තර් පාසල් 14න් පහළ බේස්බෝල් කොළඹ නාලන්දා ශූර­තාව දිනයි

අන්තර් පාසල් 14න් පහළ බේස්බෝල් කොළඹ නාලන්දා ශූර­තාව දිනයි

by Gayan Abeykoon
November 14, 2024 1:25 am 0 comment

ඉෂානි යද්දෙහි

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංග­මය විසින් සංවි­ධාන කළ සමස්ත ලංකා අන්තර් පාසල් අවු­රුදු 14න් පහළ බේස්බෝල් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට කොළඹ නාලන්දා විදු­හල සමත් විය.

ගාල්ල මහින්ද විදු­හලේ සහ එම විදු­හලේ බේස්බෝල් සමා­ජයේ සත්කා­ර­ක­ත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංග­මය සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලි­යට දිව­යිනේ පාසල් 20ක් සහ­භා­ගිවූ අතර, අනු­ශූ­ර­තාව වැලි­ඔය සම්ප­ත්නු­වර ජාතික පාසල සතු විය. තෙවැනි ස්ථානය මහ­නු­වර කිංග්ස්වුඩ් විද්‍යා­ල­යට හිමි විය.

කොළඹ නාලන්දා විද්‍යා­ලයේ චේනිත නෙනත් තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස සම්මාන ලැබූ අතර, තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු රකින්නා ලෙස උදාර රන්මිර (වැලි­ඔය සම්ප­ත්නු­වර ජාතික පාසල‍), උසිරු නිලංග (මහ­නු­වර කිංග්ස්වුඩ්‍) තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු, තර­ගා­ව­ලියේ දක්ෂ­තම පසු­පස පන්දු රකින්නා ලෙස රන්දික ඩයස් (නාලන්දා‍) සහ බිෂාක් කෝදා­ගොඩ (නාලන්දා‍) දක්ෂ­තම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූහ.

තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංග­මයේ සභා­පති සහ කොළඹ ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ලයේ විදු­හ­ල්පති සම්පත් වේර­ගොඩ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

මේ අව­ස්ථා­වට ගාල්ල මහින්ද විදු­හලේ නියෝජ්‍ය විදු­හ­ල්පති ප්‍රියාල් ද සිල්ව, ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංග­මයේ භාණ්ඩා­ගා­රික නුවන් ජය­සිංහ මහ­ත්වරු සමඟ ගාල්ල මහින්ද විද්‍යා­ල­යීය බේස්බෝල් සමා­ජයේ නිල­ධා­රීන් එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT