Home » ශ්‍රී ලංකා ගුවන් හමුදා Eagles’ Cup තරඟාවලිය 17වැනිදා සිට

ශ්‍රී ලංකා ගුවන් හමුදා Eagles’ Cup තරඟාවලිය 17වැනිදා සිට

by chanaka
November 14, 2024 2:27 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සංචිතය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ඊගල්ස් අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය (Eagles’ Cup) 2024 නොවැම්බර් මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ය.

ශ්‍රී ලංකාවේ හෑන්ඩ්බෝල් ක්‍රිඩාව ප්‍රචලිත කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර නිතිරිතින්ට අනුකූලව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධාන කරනු ලබන මෙම තරඟාවලිය සදහා පිරිමි හා කාන්තා විවෘත තරඟාවලියක් ලෙස පැවැත්වේ.

ත්‍රිවිධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම්, හෑන්ඩ්බෝල් ක්‍රීඩා සංගම් හා පාසැල් ක්‍රීඩා සංගම් මෙවර තරඟාවලියට සහභාගිවිම නියමිත අතර මෙම තරගාවළියේ ජයග්‍රාහක ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමිමට ද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT