මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් නීත්‍යනුකූල අවසර පත්‍රයක් නොමැතිව බලහත්කාරයෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු කළ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් එහි රියැදුරන්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ගණන් කිරීම වෙනුවෙන් කුරුණෑගල කාර්මික විද්‍යාලයේ ස්ථාපිතකොට තිබූ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පෙරේදා (14 ) රාත්‍රියේ මෙම මෝටර් රථ මෙසේ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි පොලීසිය කියයි.
එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ගේ ද අණ නොතකා මෙසේ ඇතුළු වී ඇත්තේ මිට්සුබිෂි ලෑන්ඩ්කෲෂර් වර්ගයේ සහ ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් බව ද පොලීසිය කියයි.
මෝටර් රථ දෙක සහ රියැදුරන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල මහව ප්‍රදේශයේ පදිංචි අයවලුන් දෙදෙනෙක් බවද පෙලීසිය කියයි.
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්නක කොබ්බෑවල මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.