Home » බල­හ­ත්කා­ර­යෙන් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට කඩා වැදුණු සුඛෝ­ප­භෝගී මෝටර් රථ දෙකේ රියැ­දු­රන්ට වැඩ වරදී

බල­හ­ත්කා­ර­යෙන් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට කඩා වැදුණු සුඛෝ­ප­භෝගී මෝටර් රථ දෙකේ රියැ­දු­රන්ට වැඩ වරදී

by Gayan Abeykoon
November 16, 2024 1:03 am 0 comment

කුරු­ණෑ­ගල - සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය

මැති­ව­රණ නීතිය උල්ලං­ඝ­නය කර­මින් නීත්‍ය­නු­කූල අව­සර පත්‍ර­යක් නොමැ­තිව බල­හ­ත්කා­ර­යෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­ය­කට ඇතුළු කළ සුඛෝ­ප­භෝගි මෝටර් රථ දෙකක් එහි රියැ­දු­රන්ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලී­සිය පව­සයි.

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද පත්‍රිකා ගණන් කිරීම වෙනු­වෙන් කුරු­ණෑ­ගල කාර්මික විද්‍යා­ලයේ ස්ථාපි­ත­කොට තිබූ ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­යට පෙරේදා (14 ) රාත්‍රියේ මෙම මෝටර් රථ මෙසේ බල­හ­ත්කා­ර­යෙන් ඇතුළු වී ඇතැයි පොලී­සිය කියයි.

එම ස්ථානයේ ආර­ක්ෂා­වට සිටි පොලිස් නිලධා­රින්ගේ ද අණ­ නො­තකා මෙසේ ඇතුළු වී ඇත්තේ මිට්සු­බිෂි ලෑන්ඩ්කෲ­ෂර් වර්ගයේ සහ ලෑන්ඩ්රෝ­වර් ඩිෆෙ­න්ඩර් වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ දෙකක් බව ද පොලී­සිය කියයි.

මෝට­ර් රථ දෙක සහ රියැ­දු­රන් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීමේ වර­දට අත්අ­ඩං­ගු­වට ගත් ඔවුන් වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට යොමු කර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවත් පොලී­සිය සඳ­හන් කරයි.

එලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කුරු­ණෑ­ගල මහව ප්‍රදේ­ශයේ පදිංචි අය­ව­ලුන් දෙදෙ­නෙක් බවද පෙලී­සිය කියයි.

කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්නක කොබ්බෑවල මහතා ඇතුළු නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT