Home » කොළො­න්නාව ජන­කාන්ත ක්‍රිකට් ජය රෙඩ් පිලට

කොළො­න්නාව ජන­කාන්ත ක්‍රිකට් ජය රෙඩ් පිලට

by Gayan Abeykoon
November 16, 2024 1:18 am 0 comment

කොළො­න්නාව සමූහ - ඒ. සුම­න­සේන
ජය­ග්‍රාහී රෙඩ් පිලේ නායක එල්. ගුරුගේ සුප්‍ර­කට සමාජ සේවි­කා­වක වන ජය­න­න්දනී අම්බ­ල­ම්පි­ටි­යගේ මහ­ත්මිය අතින් කුස­ලා­නය ලබා­ගත් අයුරු.

කොළො­න්නාව ජන­කාන්ත ක්‍රීඩා සමා­ජ­යට වසර 45 ක් පිරීම නිමි­ති­කොට එම සාමා­ජි­ක­යන් අතර පැවති ඕවර් 10 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට රෙඩ් කණ්ඩා­යම සමත් විය.

කොළො­න්නාව උම­ගි­ලිය ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී රෙඩ් පිල හමුවේ බ්ලූ පිල ලකුණු 6කින් පරා­ජය විය. මේ තර­ගා­ව­ලි­යට අවු­රුදු 50න් ඉහළ හා පහළ ලෙස රෙඩ්, බ්ලූ හා යෙලෝ ලෙස කණ්ඩා­යම් එක් විය.

අවු­රුදු 50න් පහළ කණ්ඩා­යමේ සඳුන් හොඳම පිති­කරු, සචින්ත හොඳම පන්දු රකින්නා ලෙසත් අවු­රුදු 50න් විපුල හොඳම පිති­කරු, ජානක ගුරුගේ හොඳම පන්දු යවන්නා ලෙස හා එල්. ගුරුගේ

හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන දිනා ගත්හ. මේ වයස් කාණ්ඩ දෙකේම තර­ගා­ව­ලියේ වීරයා සම්මාන රෝහ­ණට හිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT