Home » යුද හමු­දා­වට නෙක්ස්ට් ජෙන් හොකී ජය

යුද හමු­දා­වට නෙක්ස්ට් ජෙන් හොකී ජය

by Gayan Abeykoon
November 16, 2024 1:20 am 0 comment

බළ­පි­ටිය විශේෂ - ජය­කාන්ත ලිය­නගේ

ශ්‍රී ලංකා නෙක්ස්ට් ජෙන් හොකී සංව­ර්ධන සමා­ජය ප්‍රථම වරට සංවි­ධාන කළ නෙක්ස්ට් ජෙන් ප්‍රිමි­යර් ලීග් හොකී තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩා­යම සමත් විය. අව­සන් තර­ගය ගෝල 3 – 2ක් ලෙස යුද හමු­දාව ජය­ගත් අතර, තර­ගා­ව­ලියේ අනු­ශූ­ර­තාව ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩා­යම සතු විය.

කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාං­ග­ණයේ පැවති මේ තර­ගා­ව­ලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ නියෝ­ජ­නය කර­මින් දේශීය සහ ජාත්‍ය­න්තර තර­ග­ක­රුවෝ රැසක් සහ­භාගි වූහ. ජය­ග්‍රාහී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩා­යම කිසිදු විදෙස් ක්‍රීඩ­ක­යකු නොමැ­තිව මේ ජය­ග්‍ර­හ­ණය හිමි කර ගැනී­මට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩා­යම නියෝ­ජ­නය කළ සැර­යන් කුසල් තිල­ක­සිරි අව­සන් තර­ගයේ හොඳම ක්‍රීඩ­කයා හා තර­ගයේ උද්වේ­ග­කර ක්‍රීඩ­කයා ලෙසද සම්මාන දිනා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT