Home » නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට

by chanaka
November 17, 2024 8:50 pm 0 comment

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිව තිබේ.

එහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT