Tuesday, May 13, 2025
Home » ආවා කල්ලියේ දෙදෙනෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට

ආවා කල්ලියේ දෙදෙනෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට

by chanaka
November 17, 2024 8:57 pm 0 comment

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල යම් සිද්ධීන්වලට සම්බන්ධ ආවා කල්ලියේ සාමාජිකයන් බවට අනාවරණය වී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා ඩුබායි සිට පැමිණ ඇති බව සඳහන්වේ.

ආවා කල්ලියේ දෙදෙනා ත්‍රිකුණාමලයේ සිට මට්ටක්කුලිය ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත්තේ ඔවුන් බවට හෙළිව තිබේ.

ආවා කල්ලියේ දෙදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඩුබායි සිටින පුද්ගලයෙකුට තර්ජනය කර ඇති අතර එම සිද්ධිය මුල්කරගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට සැකකරුවන් දෙදෙනා පැමිණ ඇති බවට හෙළිවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT