Home » දානෙකට ගිහින් එද්දී මහමඟදී වෑන් රියට ගිනි ඇවිළෙයි

දානෙකට ගිහින් එද්දී මහමඟදී වෑන් රියට ගිනි ඇවිළෙයි

by sachintha
November 18, 2024 1:01 am 0 comment

පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු ගමන් ගත් වෑන් රථයක් පන්නිපිටිය බෝගහ අසල හයිලෙවල් මාර්ගයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි මහරගම පොලීසිය පවසයි.

ගින්නට හේතුව රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බවද පොලීසිය කියයි.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් ඔවුන්ගේ මව සහ පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකු ද සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට දහවල් දානය පිරිනමා යළි නි‍ෙවසට යමින් සිටියදී පන්නිපිටිය බෝගහ අසල හයිලේවල් මාර්ගයේදී එක් වරම වෑන් රථයේ ගින්නක් හටගෙන නිබේ.

පසුව එහි රියැදුරු ක්ෂණිකව වෑන් රථය නවතා එහි සිටි පිරිස බස්සවා ඉන් ඉවත් වී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ. පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථයක් ගෙන්වා ඇතත් ඒ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවී වෑන් රථය හානියට පත්ව තිබූ බව පැවසෙ.

අනතුරෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT