සන්ධානගත නොවූ තනි පක්ෂයක් විසින් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 150ට වැඩි බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි කරගත් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බවට පත් වෙමින් තවත් වාර්තා රැසක් සමඟින් ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය මෙවර සනිටුහන් කර තිබේ. තනි පක්ෂයක් ලෙස මෙසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහුතර බලයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබීම ඓතිහාසික ජයග්‍රහණයකි.
යාපනය දිස්ත්‍රික්කයට තරග කළ දේශපාලන බලවේගයක් ලෙස එම දිස්ත්‍රික්කය ද ජය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ලැබීම ද ඉතිහාස ගත ජයග්‍රහණයකි.
ජාතික ජන බලවේගය මෙවර ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙතෙක් මහ මැතිවරණයකදී පක්ෂයක් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය වේ. මින් පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සියයට 60.33ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබිණි.
එමෙන්ම මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන වන 151ක ජය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණු අතර එම වාර්තාව මින් පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේදී තැබූ අතර ඒ ආසන 136ක් වශයෙනි. මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණනටද හිමි කම් කියමින් දිස්ත්‍රික්ක 22න් 21ක බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. මින් පෙර එම වාර්තාවද තබා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර ඒ දිස්ත්‍රික්ක 19 ක් වශයෙනි.
එමෙන්ම මහ මැතිවරණයකදී ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේද මෙවර ජාතික ජන බලවේගය විසින් දිනා ගනු ලැබූ ඡන්ද 6,863,186 ප්‍රමාණය වේ. මීට පෙර එය 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තැබූ වාර්තාවක් වන අතර ඒ ජන්ද 6,853,960ක් වශයෙනි.
දිස්ත්‍රික්ක මට්ටමින් දිනා ගත් වැඩිම මන්ත්‍රී ධූර ගණනට හිමිකම් කියන්නේද ජාතික ජන බලවේගයයි. මෙවර ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ධූර 141ක් හිමි කර ගෙන තිබේ. මින් පෙර ඒ වාර්තාව තබා ඇත්තේ 2020 වසරේදී ආසන 128ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
මහ මැතිවරණයකදී ජයග්‍රහණය කළ වැඩිම මන්ත්‍රී ධූර ගණන ලෙස මන්ත්‍රී ධූර 159ක් ලබා ගෙන වාර්තාවක් පිහිටුවීමට ද ජාතික ජන බලවේගය සමත්ව තිබෙන අතර මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 145ක් ජයග්‍රහණය කර තිබිණි. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂයක් විසින් දිනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර එම වාර්තාව තැබීමටද ජාතික ජන බලවේගය මෙවර සමත්ව තිබේ.
එමෙන්ම සියයට 3ක මනාප ප්‍රතිශතයක සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් වාර්තා තබමින් මහ මැතිවරණයක් ජයග්‍රහණය කළ පක්ෂය වන්නේද ජාතික ජන බලවේගයයි.
එමෙන්ම මනාප ලබාගැනීමෙන්ද ඉතිහාසයේ මෙතෙක් වැඩම මනාප හිමි කර ගත් අපේක්ෂකයා බිහි කිරීමට ද ජාතික ජන බලවේගයට මෙවර හැකියාව ලැබී ඇති අතර ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක විජිත හේරත් විසිනි. ඔහු මෙවර ඡන්ද 716,715 ක් ලබා ගනිමින් ඉතිහාසයේ වැඩිම මනාප ලබා ගත් පුද්ගලයා බවට පත් විය.
එමෙන්ම ප්‍රධාන පක්ෂ දෙක අතර වැඩිම ඡන්ද පරතරයක් නිර්මාණය වූ මැතිවරණයද මෙය වන අතර දෙවැනි තැනට පත් වූ සමඟි ජන බලවේගය අතර ඡන්ද පරතරය 4,894,470ක් වේ. වැඩිම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර නියෝජනයක් සිදු වන්නේ ද ජාතික ජන බලවේගයෙනි.
ඒ අනුව ජාතික ජන බලවේගය ලබා ගත් ජයග්‍රහණ මෙරට ඉතිහාසයේ මැතිවරණයකදී දේශපාලන පක්ෂයක් මෙතරම් වාර්තා පිහිටුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසද වාර්තා තබා ඇත.
සමන්මලී ප්‍රියශාන්ති, සුභාෂිණී සේනානායක