Home » ඉතිහාසයේ පළමුවරට දෘශ්‍යාබාධිත නියෝජනයක් සමඟ ජාජබයෙන් 18ක්
ජාතික ලැයිස්තු නම් වෙයි

ඉතිහාසයේ පළමුවරට දෘශ්‍යාබාධිත නියෝජනයක් සමඟ ජාජබයෙන් 18ක්

by sachintha
November 18, 2024 12:15 am 0 comment

ජාතික ජන බලවේගයට වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරා ගන්නා ලද අයගේ නම් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත යොමු කර තිබේ. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් සඳහා නම් ඉදිරිපත් කර ඇත. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක, රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික මහාචාර්ය උපාලි පන්නිලගේ, සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික එරංග උදේශ් වීරරත්න, විශ්‍රාමික මේජර් ‍ෙජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී අරුණ ජයසේකර, සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනිත රුවන් කොඩිතුවක්කු, ඉංජිනේරු, ව්‍යාපෘති කළමනාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහත්වරුන්ගේ නම් ද ඇතුළත් කර තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර්, සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වෛද්‍ය නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර, වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති සුනිල් කුමාර ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙ‍ෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ, සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා, දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක – රුහුණ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිධාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම් අබුබකර් ආදම්බාවා, වන්නි මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක – ජාතික ජන බලවේගයේ වවුනියාව දිස්ත්‍රික් සංවිධායක ආර්. එච්. උපාලි සමරසිංහ මහත්වරුද පත් කර තිබේ. දේශපාලන ඉතිහාසය මෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයද වෙනස් කරමින් ජාතික ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18 අතරට දෘශ්‍යාබාධිත නියෝජිතයකු වන සුගත් වසන්ත ද සිල්වා නම් කර තිබේ.

ඒ මහතා සමාජ සේවා නිලධාරීයකු ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම ලබා ඇති අතර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කරනු ලබයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT