Home » විශිෂ්ට ජයක් ලැබූ ජාජබයට සජබයෙන් සුබපැතුම්

විශිෂ්ට ජයක් ලැබූ ජාජබයට සජබයෙන් සුබපැතුම්

by sachintha
November 18, 2024 3:18 am 0 comment

මහමැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට අවංකව සුබ පැතුම් එක් කර සිටින බව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැඟීම සඳහාත් අවශ්‍ය ශක්තිය, වත්මන් පාලනයට නොඅඩුව ලැබී තිබෙන බව ද හෙතෙම කියයි. ඒ මඟින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇතැයි ද ඒ මහතා පවසයි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ, මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. එමඟින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසටම, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැ‍ඟීමට හැකියාව උදාවේවායි සමගි ජන බලවේගය ලෙස අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු යැයි ද හෙතෙම කියා සිටියි.

මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරිම සහය ලබාදීමට සූදානම් බව ද අවධාරණය කරන බව ද වැඩිදුරටත් පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT