Home » බදුල්ල පස්සර මාර්ගයේ නායයෑමක් – ගමනාගමනයට බාධා

බදුල්ල පස්සර මාර්ගයේ නායයෑමක් – ගමනාගමනයට බාධා

by yasara
November 18, 2024 9:36 am 0 comment

බදුල්ල පස්සර ලුණුගල ඒ් 5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශය අද ( 18)  දින අළුයම නායයෑමට ලක්වීම නිසා  මාර්ගය මුළුමනින්ම වැසී තිබේන බව බදුල්ල ආපදාකළමණාකරන ඒ්කකය පවසයි.

මාර්ගයට ඉහළ කදුකර ප්‍රදේශය  වැස්සත් නොමැතිව තිබියදි අද උදේ 2.45ට ඒක පමණ  නායයෑම නිසා  ගල් පර්වත, පස්,ගස්  කඩා වැටීමෙන් මාර්ගයේ මීටර් 60ක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම වැසී තිබෙන අතර රාත්‍රි කාලයේ මාර්ගයේ නවතා  තිබු   ත්‍රිවිලර්  රථ තුනකට දැඩිහානි සිදුව තිබෙයි.

මාර්ගය අවහිරවීම නිසා  බදුල්ල සිට බිබිල,මඩකළපුව,මොණරාගල ,අම්පාර ,මහඔය බලා  ගමන් කරන වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරි පස්සර ප්‍රාදේශීය සභාව පොලිසිය එක්ව නායනෑම සිදුවු ස්ථානය පිළිසකර කරමින් පවතීන බවත් අද දවසම පිළිසකර කටයුතු කිරීමට සිදුවන බවත් බදුල්ල ආපදාකළමනාකරණ ඒ්කකය පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT