Home » ජනතා තීරණයට හිස නමා දේශපාලනයෙන් සමුගන්නවා

ජනතා තීරණයට හිස නමා දේශපාලනයෙන් සමුගන්නවා

-හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

by sachintha
November 18, 2024 12:56 am 0 comment

ජනතා තීරණයට හිස නමා තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) නාවලපිටිය, මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුණා. එයින් දශක තුනක් මම දේශපාලනයේ නිරත වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහමැතිවරණයෙන් ජනතාව තීරණය කර තිබෙන නිසා මම දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළා.

මෙවර පැවති මහමැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ගෑස් සිලින්ඩරයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයට තරග කළා. ඡන්ද දායකයන් මනාප 20,401ක් පමණක් දී තිබුණා. දේශපාලන ගමනේදී විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මඟින් මට දිගින්දිගට මඩ ප්‍රහාර එල්ල කළා. ඒවා ඉවසා දරා ගනිමින් මම දේශපාලනයේ රැඳී සිටියේ මගේ ආසනයේ ඡන්ද දායකයන් වෙනුවෙන්. දේශපාලන ගමනේදී මට නන් අයුරින් උපකාර කළ සහ නොකළ සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. දේශපාලනයෙන් සමුගෙන මගේ දියණිය පදිංචිව සිටින එංගලන්තයට යෑමට සූදානමින් සිටිනවා.”

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT