ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍යය වන ඉල් මහා මංගල්‍යය පසුගියදා (15) රාත්‍රී වීදි සංචාරය කළේය. රටේ බවභෝග සරු වී රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වැසි ජලය ලැබීම පිණිස කතරගම දෙවියන්ගේ ආශීර්වාද ප්‍රර්ථනා කර මෙම ඉල් මහා මංගල්‍යය දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වන පෙරහරක් බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවසීය.
ඒ අනුව, 15 වැනිදා රාත්‍රී 10.00ට දෙවියන් වැඩමවාගෙන උඩරට, පහතරට, සබරගමු හා කතරගම දෙවියන්ට ආවේණික වූ නැටුම් අංශ එක්කර වල්ලිඅම්මා දේවාලය වෙත පෙරහර ගමන් කර පුද චාරිත්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ වීදි සංචාරය කර මහා දේවාලය වෙත පැමිණ පෙරහර නිමා විය.
කතරගම – කේ ඩී. දේවප්‍රිය