28
කහවත්ත නගරය ආරම්භ වන ප්රදේශයේ රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගය වර්ෂාපතනය පවතින විට කානු පද්ධතිය සහ මාර්ගයේ අක්රමවත් බව නිසා මාර්ගයේ කොටසක් කානුවක් බවට පත්ව ඇතැයි නගරවාසීන් පවසති.
මෙම ස්ථානයේ වෙළෙඳසල් සහ නිවෙස්වල පදිංචිකරුවන් මේ නිසා අපහසුතාවයන්ට ලක්ව ඇත.
කහවත්ත නගරයේ මෙම කොටසේ ප්රධාන මාර්ගය නිසි ලෙස ඉදි නොකිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි
නගරවාසීන් පවසති.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගයේ පැලැස්තර දැමුවත් වැසි
දිනවලට ඒවා සේදී යන බවද ප්රදේශයේ පදිංචිකරුවන් පවසයි.
කහවත්ත –
ලසන්ත නිරෝෂණ පෙරේරා