Home » නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවි

by sachintha
November 19, 2024 1:42 am 0 comment

මෙවර මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු ඇමැතිවරයකු වන රවි කරුණානායක මහතාව පත් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18) දිනයේදීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇත. අනෙක් මන්ත්‍රී ධුරය සඳහා ඉදිරියේ දී සුදුස්සෙකු නම් කිරීමට කටයුතු කරන බව ද ශාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

නෙත්මි පූජනී රත්නායක, මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT