අලෙවිකරණ ක්ෂේත්රයේ දෙස්, විදෙස් හා බහුජාකික සමාගම්වල වසර 20කට ආසන්න අත්දැකීම් සහ පළපුරුද්ද ඇති මහේන් ගුණරත්න, යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වර්තමාන ප්‍රධාන අලෙවි නිලධාරීවරයායි. ඔහු සමඟ සංවාදයක නිරත වූයේ ගෝලීය ආර්ථික දැක්මක් සමඟ වෙනස් වන යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සන්නාමයේ දැක්ම සහ මෙහෙවර පිළිබඳ කරුණු විමසීමටයි.
මෙරට රක්ෂණ ක්ෂේත්රයේ යුනියන් ඇෂුවරන්ස් සුවිශේෂී සන්නාමයක්!
යුනියන් ඇෂුවරන්ස් විවිධාංගීකරණය වූ කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක වන සමාගමක්. ශක්තිමත් පදනම ගැන කීවොත්, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. (JKH) අනුබද්ධ සමාගමක්.
රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස ජීවිත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සුවසෙත සැලසීමට කැප වී සිටින අප සමාගම, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ සැලසුම් පිරිනමනවා. රට පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සේවක සමූහයා මෙහෙයවන මූලික සංකල්පය වඩාත් හොඳ සුභසාධනයක් මෙන්ම වඩාත් සුවපහසු රැකවරණයක් සහිත ජීවිතයක් සැමට උරුම කරමින් ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩ ගැසෙමින් පාරිභෝගිකයා වෙත විශේෂ අවධානයක් සහිතව ක්‍රියාත්මක වනවා.
යුනියන් ඇෂුවරන්ස් නව ගමන් මඟ පිළිබඳව පැහැදිලි කළ හැකිද?
දශක හතරකට ආසන්න මේ ගමන් මඟ, යුනියන් ඇෂුවරන්ස් දිනෙන් දින පාරිභෝගිකයන් තුළ විශ්වාසය තහවුරු කරගත් සුවිශේෂී වකවානුවක්. ඉන් ඉදිරියට යමින් පාරිභෝගිකයන්ගේ ජීවිත සවිබලගැන්වීම අපේ අරමුණක්.
මෙතැනින් එහාට යුනියන් ඇෂුවරන්ස් සන්නාමය සහ සමාගම වෙනස් විය යුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳ අප සැලසුම් කළා. එක් එක් පුද්ගලයාගේ එකිනෙකට සුවිශේෂී වූ දිවි ගමන් මඟ තුළ, ඒ හැම කෙනෙකුටම අනන්‍ය ප්‍රගතියක් අත්කර දීම සඳහායි අප මේ යොමු වී සිටින්නේ. ඒ අනුව, යුනියන් ඇෂුවරන්ස් සන්නාමයේ දැක්ම සහ මෙහෙවර නවීකරණය කළා. ඒ පාරිභෝගිකයා වෙත පිරිපුන් සුවසෙත ළඟා කර දීමේ අදහසිනුයි.
‘රැකවරණයෙන් සවිබල ගැන්වෙන මානව ප්‍රගතියක්…’ යනුවෙන් යුනියන් ඇෂුවරන්ස් දැක්ම වෙනස් වෙන්නේ ඉන් අනතුරුවද?
සෑම මනුෂ්‍යයකුටම ජීවිතය තුළ ප්‍රගතියක් අවශ්‍යයයි. එය කෙනාගෙන් කෙනාට වෙනස්. මේ ප්‍රගතිය යුනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයන්ට අප ලබා දෙන්නේ රැකවරණය සහ ශක්තිය කියන කාරණා ප්රමුඛ කොට ගෙනයි.
රක්ෂණය යුරෝපයේ සෑම කෙනෙකුම ආවරණය වන අංගයක්. ආසියාවේත් එය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. නමුත් බොහොමයක් ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයක් ඇති පිරිස ඉතාම අඩු ප්‍රමාණයක්. සමාගමක් ලෙස අපිට අවශ්‍ය, මේ රටේ සෑම පුරවැසියකුටම ජීවිත රක්ෂණයක් අත්කර දීමයි. එසේ කිරීමට ජීවිත රක්ෂණ සංකල්පය හැකි තරම් සරල සේවාවක් බවට පත් කළ යුතුයි. ඒ සරල කිරීමෙන් පමණයි ජනතාව ඊට ආකර්ෂණය කරගත හැකි වන්නේ.
ඒ අයගේ ප්‍රගතියට අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය වැඩි වැඩියෙන් පාරිභෝගිකයාට ලබා දීමටයි අපගේ මේ නව දැක්මෙන් අපේක්ෂා කරන්නේ. බටහිර රටවල් සංවර්ධනය සඳහා වේගයෙන් ප්‍රවේශයක් ලබාගත්තේ මානව සංවර්ධනය කඩිනම්න් සිදුකිරීමෙන්. පුද්ගල ප්‍රගතිය යනු සමාජ ප්‍රගතියක්. අවසානයේ රට ගොඩනැඟෙන්නේ එලෙසයි.
ජීවිත රක්ෂණය හරහා අපි පාර කපන්නේ රටේ ඒ අවශ්‍යතාව වෙනුවෙන්.
යුනියන් ඇෂුවරන්ස් නව ‘මෙහෙවර’ කුමක්ද?
‘පිරිපුන් දිවියට නිති රැකවරණය…’ නමින්. මේ අලුත් මෙහෙවර තුළ අප බලාපොරොත්තු වන්නේ, ජීවිත රක්ෂණයෙන් ජනතාවගේ ජීවිත පිරිපුන් කිරීමටයි. එනම් පුද්ගලයකු මූල්‍ය වශයෙන්, මානසික සහ ශාරීරික වශයෙන් සංවර්ධනය කිරීමක්.
මූල්‍ය රැකවරණය පවුලක නොතිබුණොත්, ඒ පවුල රකින්නාට නොසිතූ ආකාරයෙන් කරදරයක් සිදු වුවහොත් යැපෙන්නන් අන්ත අසරණභාවයට පත් වනවා. විශේෂයෙන් කුඩා දරුවන් සිටින පවුල්වල පියෙකුට යම් කරදරයක් ආපදාවක් සිදු වුවහොත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වෙනවා. ඒ නිසා පුද්ගලයකු ප්‍රගතිය කරා යන ගමනේ මූල්‍ය වශයෙන් ශක්තිමත් වීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ වගේම, මානසික වශයෙන් පිරිපුන් වන්නට නම් මිනිසුන් ජීවිතය පුරාවට දරා සිටින ප්‍රශ්න සමඟ හෙම්බත් වීම සහ ආතතිය කළමනාකරණය කිරීම ඉතා වැදගත්. මානසික සැහැල්ලුවෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්නට ඔවුන්ගේ ජීවිත යම් පමණකට වෙනස් කරන්නට දායක වීමට අප මෙහෙවරෙන් ඉඩක් වෙන්වනවා.
තුන්වැනි කාරණාව ලෙස, අප කන බොන දෑ සහ වැරැදි ජීවන රටා හේතුවෙන් නිදන්ගත රෝගවලට ගොදුරු වෙමින් පවතිනවා. ශාරීරිකව පිරිපුන් වන්නට නම් මේ තත්ත්වයන් අප අවම කරගත යුතුයි. මේ කාරණා එකක් හෝ දෙකක් තිබුණාට කෙනෙකුගේ ජීවිතය පිරිපුන් වන්නේ නැහැ. ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වන්නට නම් සමාජ ආරක්ෂණය, මූල්‍යමය රැකවරණය, කායික මානසික සුවතාව යන කරුණු සියල්ල වැදගත්.
මේ හරහා සමාජයට ලොකු බලපෑමක් කළ හැකියි නේද?
පුද්ගලයකු මූල්‍ය වශයෙන්, මානසික සහ ශාරීරික වශයෙන් පිරිපුන් කිරීම ඔස්සේ අපි බලනවා ඒ වෙනස සමාජය තුළ සිදුවනවා ද කියන එක. එහි එක් පියවරක් ලෙසයි, ‘ප්‍රජාවගේ යහපැවැත්ම ‘ සහ සමාජ පිරිපුන් බව ළඟා කර දීම සඳහා ලංකාවේ බහුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව වැළැක්වීමට සහ අවම කිරීමට අදාළවයි අප ක්‍රියාත්මක වී සිටින්නේ. එම වැඩසටහන් පෙළ ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයත් සමඟ එක්වයි. මේ තුළ විශාල සමාජ බලපෑමක් ඇති කරන්නට අපට හැකි වී තිබෙනවා.
පෙර කී ආකාරයට සෑම අංශයකින්ම පාරිභෝගිකයා දැනුම්වත් කිරීම පමණක් මදි. ඒ පස්සේ හඹා යෑමත්, පසු විපරමත් අප සිදු කරනවා. ඒ සඳහා ගම් මට්ටමට යනවා. මුළු රටම ආවරණය වන පරිදි මීටත් වඩා පුළුල්ව කරන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
ව්‍යාපාරයක් ලෙස ස්ථාවරව සිටියදී මෙවැනි වෙනසකට මුලපිරුවේ කුමක් නිසාද?
නිරන්තරයෙන් ගෝලීය වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන සමාගමක් විදිහට නවෝත්පාදනයට නිසි අයුරින් ප්රවේශවීමක් ලෙසයි මෙය හැඳින්විය හැක්කේ. නිරන්තරයෙන්ම අපි වෙළෙඳපොළ පිළිබඳව පර්යේෂණවල නිරත වෙනවා. ආර්ථික විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මක පදනමකින් යුතුවයි ඒ පර්යේෂණ සිදුකරන්නේ. මේ ගෙවෙන කාල පරිච්ඡේදයේදී, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් බොහෝ සෙයින් වෙනස්වීම්වලට භාජනය වන යම් මානව සංක්‍රාන්ති සමයක්. විශේෂයෙන් අලුත් පරම්පරාව සන්නාමයකින් බලාපොරොත්තු වන දේ පුළුල් වෙමින් පවතිනවා. ඕනෑම සන්නාමයක පැවැත්ම තිබෙන්නේ ජනතා කැමැත්ත මත. ඉතින් අප කළ සමාජ පර්යේෂණවලින් අප වටහා ගත්තා, මේ තමයි වෙනස් වීමකට හොඳම කාලය බව. අපේ ඊළඟ පියවරට යෑමට කාලය බව. ඉතින් මේ වෙනස් වීම ඇත්තටම ජනතාවගේ සිතුම් පැතුම්, ප්‍රශ්න සහ අවශ්‍යතා සමඟ තව තවත් සමීපවීමක් ලෙසත් හැඳින්විය හැකියි. මේ අනුව අප හඳුනාගත්තා,
ශාරීරික, මානසික සහ මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් තවදුරටත් දැනුම්වත් වීමේ අවශ්‍යතාවක් ජනතාවට තිබෙන බව. ඒ අවශ්‍යතා පිළිබඳව දැනුම අප පාරිභෝගිකයාට දෙන්න තීරණය කළා. ඒ සඳහා රටපුරා මූල්‍ය වැඩසටහන් ආරම්භ කළා. මේ කාරණා තුනම ගැන විවිධ යහ භාවිතාවන් පිළිබඳ දැනුම්වත් කිරීම් ඇරඹුවා. උදාහරණයක් ලෙස ඔවුන්ගේ ජීවිත පහසු කරන මෙවලමක් ලෙස හඳුන්වා දුන් Clicklife ඇප් එක දැක්විය හැකියි. ඔබට ජීවිත රක්ෂණයක් තිබුණත් නැතත් මේ ඇප් එක download කර ගන්නට පුළුවන්.
තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයාට සමීපවූ බවද ඔබ පවසන්නේ?
රක්ෂණය කියන්නේත් ඇප් භාවිතාව කියන්නේත් මනුෂ්‍යයන් සමඟ සිදු කෙරෙන ගනුදෙනුවක්. තමන්ට කැමති නම් ඇප් එකකින් ජීවිත රක්ෂණයක් තෝරා ගන්නට පුළුවන් තරමට අද තාක්ෂණය දියුණුයි. මේ ඕනෑම අංශයකින් පාරිභෝගිකයා කැමති විදිහට ඒ දැනුම ලබා දෙන්න අපි සූදානම්. අවශ්‍ය වන්නේ ඔවුන් අප විශ්වාස කිරීම පමණයි.
මොකද අධ්‍යාපනය සඳහා, විශ්‍රාම ජීවිතය සඳහා, ඉතිරි කිරීම් සහ සෞඛ්‍ය සඳහා වශයෙන් ජීවිතයට අදාළ සෑම කාර්යයක් සඳහාම විශේෂිත වූ රක්ෂණ වර්ග අප සතුයි. මේ ඕනෑම රක්ෂණයක් පිළිබඳ දැනගන්න, රක්ෂණයක් ලබා ගන්න සහ ඒ හා සමඟ ගනුදෙනු කරන්න අපගේ ඇප්වලින් පුළුවන්. කොහොම වුණත් තාක්ෂණික දැනුම සමීප කරවන්නට අවශ්‍ය වැඩසටහන් ගණනාවක් අප සතුයි. අපිට අවශ්‍ය මේ දැනුම ගමට රටට ප්‍රචලිත කරන්නයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ