Home » ලාහෝර් නුවර වායු දූෂණය දරුණු අතට

ලාහෝර් නුවර වායු දූෂණය දරුණු අතට

-පැය 24කදී රෝගීන් 15,000ක්

by sachintha
November 19, 2024 1:53 am 0 comment

පාකිස්තානයේ ලාහෝර් නුවර ඇතුළු තවත් නගර රැසක අඛණ්ඩව පැතිරී යන වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී ඇතැයි ද, පසුගිය 14 වැනිදායින් අවසන් වූ පැය 24දී පමණක් ශ්වසන රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් 15,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ද එරට ඒආර්අයි පුවත් සේවය සඳහන් කළේය. එම පුවත් සේවයට අනුව වියළි කැස්ස, ශ්වසන අපහසුතා, නියුමෝනියාව සහ හෘදයාබාධවලට ගොදුරු වූ පුද්ගලයන් ලාහෝර් නුවර රෝහල් කරා පැමිණෙමින් සිටින අතර, නගරයේ ප්‍රධාන රජයේ රෝහල්වල රෝගීන්ගෙන් බහුතර සංඛ්‍යාවක් වායු දූෂණය හේතුවෙන් රෝගී වූවන් බව වාර්තා වේ.

ඇදුම සහ හෘද රෝග වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් සහිත ළමුන් සහ වැඩිහිටි රෝගීන් විශේෂයෙන් වායු දූෂණයේ බලපෑමට ගොදුරු විය හැකි බවට ලාහෝර් නුවර වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති බවත්, මේ වන විට වයිරස් රෝගී තත්ත්වයන් 10කට වැඩි ප්‍රමාණයක් ලාහෝර් නුවරින් වාර්තා වන බවද ඒආර්අයි පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT