Home » මුලතිව්-ගුරුකන්ද පුරාණ විහාරයේ කඨින පින්කමෙන්

මුලතිව්-ගුරුකන්ද පුරාණ විහාරයේ කඨින පින්කමෙන්

by sachintha
November 19, 2024 1:14 am 0 comment

නයාරු – කෝකිලායි පාරේ ගුරුකන්ද පැරණි විහාරස්ථානයේ 2024 වාර්ෂික කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් මස 05/06 දිනවල, විහාරාධිපති මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 05 වැනි දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව, පුල්මුඩේ ශාන්ති විහාරයේ සහ අරිසිමලේ ආරණ්‍ය සංචිතයේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අතර, විහාරස්ථානයට නුදුරුව පිහිටි 10 වන යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමාගේ නොමසුරු අනුග්‍රහය ද 591 වෙනි බළසේනා මූලස්ථානයේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ විශේෂ කාර්ය බළකායේ, මුලතිව් සහ කෝකිලායි පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරින් සහ භට පිරිස්වල කැපවීම සහ අනුග්‍රහයෙන් ද මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරික තුෂාර ජයවර්ධන මහතාගේ ආහාරපාන සංග්‍රහයෙන්ද, සීමිත ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් ද, ඉමහත් බාධක සහ අසීරුතා මැද වුවද මේ මහඟු පුණ්‍යෝත්සවය අලංකාර ලෙස පැවැත්විණි.

බොරලැස්ගමුවේ ගාමිණී ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT