Home » ආරච්චිකට්ටුව ප්‍රා. සභාවේ හිටපු සභාපති හෘදයාබාධයකින් මියයයි

ආරච්චිකට්ටුව ප්‍රා. සභාවේ හිටපු සභාපති හෘදයාබාධයකින් මියයයි

by sachintha
November 19, 2024 1:35 am 0 comment

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව ගම්මානයේ පදිංචිව සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පසුගිය සභාව නියෝජනය කළ සභාපති ලෙස කටයුතු කළ කන්දසාමි තේච්චනමූර්ති (56) මහතාය.

තේච්චනමූර්ති මහතා දරුවන් තිදෙනකුගේ පියකු වන අතර, බිරිය ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති බව කියයි.

මාසයකට ආසන්න කාලයක් අසනීපව සිට නැවත නි‍ෙවසට පැමිණ සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත හලාවත මහ රෝහලට ඇතුළත් කර සිටියදී හෘදයාබාධයකින් ඔහු මරණයට පත්ව ඇත.

තේච්චනමූර්ති මහතා කා අතරත් සුහදශීලි චරිතයක් වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ දේශපාලනයට පිවිස පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව දේශපාන කටයුතුවල නිරතව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ දේශපාන කටයුතුවල නිරතවී ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ද ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූ අයෙකි.

උඩප්පුව තිරුපති අම්මාන් කෝවිලේ ප්‍රතිසංස්කරණ කමිටු සභාපති ඇතුළු තවත් නිලතල රැසක් ඉසිලූ තේච්චනමූර්ති මහතා ධීවර කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි අයෙකි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT