වගාවලට හානි පමුණුවන මොනරුන් දඩයම් කිරීම් ක්‍රමිකව ඉහළ යමින් පවතින බව මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සංවිධාන කියා සිටියි.
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බහුලව දක්නට ලැබෙන මොනර රංචු දිගින් දිගටම වගාවලට සිදු කරන හානිවලට පිළිතුරක් ලෙස වගාබිම්වලට පැමිණෙන මොනරුන් ඝාතනය කිරීම් පසුගිය සමයේ වාර්තා වූ බව පරිසර සංවිධාන පෙන්වා දෙයි. කෘෂි භූමිවල බිම් සැකසීමේ සිට අස්වනු නෙළන අවස්ථාව දක්වා මොනරුන් විසින් සිදු කරනු ලබන හානි බරපතළ බවත්, මොනරුන් පලවා හැරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළත් ඉන් පලක් නොවන බවත්, මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී ගොවි සංවිධාන නියෝජිතයෝ රැසක් කියා සිටියහ. ඒ අනුව වායු රයිෆල් භාවිතයෙන් මාළු දැල් යෙදීමෙන් හා වස මුසු කරන ලද ආහාර තැබීමෙන් ආදි විවිධ උපක්‍රම මඟින් මොනරුන් ඝාතනය කරන බවට තොරතුරු අනාවරණය විය.
මේ අතර ඇතැම් පිරිසක් මස් පිණිස මොනරුන් ඝාතනය කිරීම් ද වාර්තා වන අතර, ඒ සඳහා ගැහැනු සතුන් පමණක් යොදා ගැනීම ද සිදු වෙයි.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ වනසතුන්ගේ ඝාතන රැසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි. මෙම තත්ත්වය පාලනය සඳහාත්, ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහාත් තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.
නාඋල සමූහ