ලාෆ් ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ එම නෞකාවෙන් තවත් යාත්‍රාවකට ගෑස් මාරු කර කොළඹ වරාය දක්වා රැගෙන ගොස් මෙරටට ගොඩබෑමට කටයුතු කිරීම පසුගියදා සිදු විය.මෙතෙක් ලාෆ් ගෑස් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ වරාය පරිශ්‍රයේ ඇති ගෑස් ටැංකිවලට පුරවා රටපුරා බෙදාහැරීම් කටයුතු සිදු කළද, හම්බන්තොට වරායට පැමිණි ගෑස් තොගය රැගත් නෞකාවෙන් තවත් යාත්‍රාවකට ගෑස් මාරු කිරීමක් සිදු වූයේ ප්‍රථම වතාවට බව වරාය කළමනාකාරිත්වය සඳහන් කළේය.
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පෙට්‍රෝලියම් ගෑස් (LPG) IVANG යාත්‍රාවේ සිට ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3,170ක් ගෑස් චැලෙන්ජර් යාත්‍රාව දක්වා හුවමාරු කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පහසුකම් සලසා ඇත.
ලුණම සමූහ – සනත් ගමගේ