ජපාන ක්‍රීඩා ලෝලීන් ආදරයෙන් හඳුන්වනු ලබන ‘කිංග් කාසු’ ලොව වයස්ගතම පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටී. ඔහුගේ සැබෑ නාමය කසුයෝෂි මියුරා වන අතර, 1986 සිට ජපානයේ හා ඉන් පිටතදී පාපන්දු ක්‍රීඩා සමාජ 20කට වඩා ක්‍රීඩා කරමින් අදටත් පාපන්දු පිටියේ ජීවමාන චරිතයක් බවට පත්ව සිටී.
කසුයෝෂි මියුරා ලබන පෙබරවාරි 26 වනිදා 58 වැනි වියට පා තබන අතර, ඔහු දැනටමත් ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටී. ඔහු දැනට සුසුකා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර, මේ සඳහා වන කොන්ත්‍රාත්තුව යළිත් දීර්ඝ කිරීමට සූදානම් වේ. කසුයෝෂි මියුරා වයස අවුරුදු 15 දී ජපානයේ සිට බ්‍රසීලයට ගොස් පාපන්දු ක්‍රීඩා කළ අතර, ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ එම ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුවය. ඔහු 1990 දක්වා බ්‍රසීලයේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කොට යළි ජපානයට පැමිණ ඇත.
1990 දී ජපන් ජාතික කණ්ඩායමට එක්වූ ඔහු 1994 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලදී ගෝල 13ක් රැස් කළේය. කසුයෝෂි මියුරා ජපානය වෙනුවෙන් තරග 89කදී ගෝල 55ක් ලබා ඇති අතර, අවසන් වරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ 2000 වසරේදීය. වසර 24කට පසුවත් ඔහු තවමත් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරතවීම කැපී පෙනෙන සිදුවීමකි.
ප්‍රින්ස් ගුණසේකර