Home » අයිපීඑල් ක්‍රිකට් බිමට වයස 13ක ක්‍රීඩකයෙක්

අයිපීඑල් ක්‍රිකට් බිමට වයස 13ක ක්‍රීඩකයෙක්

-මූලික ලංසුව රුපියල් කෝටියයි

by sachintha
November 19, 2024 1:52 am 0 comment

අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.4ක) මුදලකට අයිපීඑල් වෙන්දේසියේදී මූලික ලංසුවකට යටත් කොට ඇත.

යන්තම් වයස අවුරුදු 13ක් වූ සූර්යවංශී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර, මේ 29 වැනිදා ඩුබායි හි ආරම්භ වන පිරිමි අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයට නම් කර ඇත .

2011 වසරේ උපත ලද සූර්යවංශී බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් රංජි කුසලානයේ මංගල තරගයට ක්‍රීඩා කළේ අවුරුදු 12යි දින 284දී ය. මෙමගින් ඔහු මෙතෙක් බිහිවූ ළාබාලතම අටවැනි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය. වයස අවුරුදු 13යි දින 187දී, ඕනෑම මට්ටමක තරගයකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට සූර්යවංශි පත්වූයේ බංග්ලාදේශ ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ වාර්තාව බිඳ දමමිණි.

අයිපීඑල් 2025 තරගාවලියට අදාළ වෙන්දේසිය මේ මස 24 හා 25 දිනවලදී සිදු කෙ‍ෙරන අතර, ඒ සඳහා නම්කළ ක්‍රීඩකයින් 574 දෙනා අතුරින් එම ලේඛනයේ 491 වැනි ස්ථානයේ වෛබාව් සූර්යවංශී සිටී.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT