45
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස ඇමැති බිමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නම් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද… සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කර තිබේ.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ