Home » උත්සව සමයේ විශේෂ වැටලීම් – පාරිභෝගිකයින්ට ගැටලු දැනුම් දිය හැකි අංකයකුත්

උත්සව සමයේ විශේෂ වැටලීම් – පාරිභෝගිකයින්ට ගැටලු දැනුම් දිය හැකි අංකයකුත්

by chanaka
November 20, 2024 9:38 am 0 comment

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුළ පරීක්ෂා කිරීමට නියමිතය.

අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන් ද මෙම කාල සීමාව තුළ විශේෂ අවදානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.

උත්සවය සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකිය.

ලබන ජනවාරි 15 වැනිදා දක්වා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මකවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT