පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් ත්‍රිරෝද රථය ධාවනය කළ පාසල් සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
මෙම අනතුර සිදු වි ඇත්තේ පෙරේදා (18) පස්වරු 5.00ට පමණ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදිය.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිළ මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකි. පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිවුදෙනා ත්‍රිරෝද රථයෙන් නිවෙස් කරා ගමන් කරමින් සිටියදි වංගුවක් සහිත ප්‍රදේශයේදී එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටීමට ආසන්න වූ විට ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යාමත් සමඟ එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇත.
ප්‍රධාන මාර්ගයේ වැටී සිටි සිසුන් තිදෙනාගේ ජීවිත බේරා ගැනීමට ලංගම බස් රථයේ රියැදුරා බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවත්, එම අවස්ථාවේ රජය සතු ගොඩනැඟිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටී බස් රථය නතර වී ඇති බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත් ගිනිගත්හේන පොලීසිය පැවසීය. ත්‍රිරෝද රථය ධාවනය කළ පාසල් සිසුවාට රියැදුරු බලපත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතත්, එය මේ වන තෙක් පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බවත්, පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පවසා සිටියේ.
අනතුරෙන් බස් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ
ගිනිගත්හේන විශේෂ – ජී.ඒ.ගුණසේන