Home » කොරියාවේ කෘෂි හා ධීවර රස්සාවලට යන්න වීසා සක්‍රිය කරන්නැයි උද්ඝෝෂණයක්

කොරියාවේ කෘෂි හා ධීවර රස්සාවලට යන්න වීසා සක්‍රිය කරන්නැයි උද්ඝෝෂණයක්

by sachintha
November 20, 2024 2:26 am 0 comment

කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ රැකියා සඳහා පිටත්ව යාමට නිකුත් කරන ලද E8 වීසා ක්‍රමය සක්‍රිය කරන ලෙස ඉල්ලා වීසා බලපත්‍රලාභීන් පිරිසක් ගාලුමුවදොර අසල උද්ඝෝෂණ භූමියේ දී විරෝධතාවක් පවත්වා තිබේ.

කොරියානු E8 වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන අතර කොරියානු තානාපති කාර්යාලය මෙම රැකියා සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්සන් කර ඇති දැනට පවතින ගිවිසුම නීති විරෝධී බවට සැලකීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබෙන බව විරෝධතා කරුවෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLFEB) අකාර්යක්ෂමතාව නිසා දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දිනාගත් රැකියා අවස්ථා අනතුරේ හෙළන බවද ඔවුහු සඳහන් කරති. කෙසේ වුවද පුද්ගලයන් 67 දෙනෙකු සඳහා ලැබී ඇති E8 වීසා බලපත්‍රය එළැඹෙන 26 වැනිදායින් අවසන් වන බවද විරෝධතාකරුවෝ කියා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT