ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා කියයි
අප හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් සාම්ප්‍රදායික හමුදා චින්තකයකයෙකුගෙන් ඔබ්බට සිතිය හැකි නායකයන් අවශ්‍ය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය පෙරේදා (18) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එලෙස අදහස් දැක්වූවේය.
ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා විසින් මෙම අවස්ථාවට පැමිණි ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේද ප්‍රකාශ කළේය,
වර්තමානයේ අපි සාම්ප්‍රදායික හමුදා අභියෝග මෙන්ම, සයිබර් ආරක්ෂාව හා සබැඳි තර්ජන, දේශගුණික විපර්යාස ගැටලු, ආර්ථික සුරක්ෂිතතාවය සහ තොරතුරු තාක්ෂණය ඔස්සේ යුද්ධය සමඟ ඡේදනය වන පරිවර්තනීය යුගයක ජීවත් වෙමින් සිටින්නෙමු.
ඉන්දියන් සාගර කලාපය හරහා වැටි ඇති ගෝලීය සමුද්‍ර වාණිජ්‍යය සහ උපාය මාර්ගික තරගකාරී මාර්ගයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. ඒ අනුව, අප රට හමුවේ ඇති ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට සිතිය හැකි සහ නවීන ආරක්ෂක අභියෝගවල බහුමාන ස්වභාවය තේරුම්ගත හැකි හමුදා නායකයන් අවශ්‍ය වේ.
එළැඹෙන වසරේ සිට ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් අංශයේ නිලධාරීන්ට ද, දොරටු විවර වීමට අපේක්ෂිත බැවින්, ඒ ඔස්සේ සැලකිය යුතු පරිවර්තනයකට ලක් වනු ඇති බවයි. ජාතික ආරක්ෂාව යනු සාමූහික වගකීමක් වන අතර, ඒ සඳහා සියලු පරිපාලන අංශවල මැදිහත්වීමක අවශ්‍යතාවය මෙම වැදගත් තීරණය ඔස්සේ පිළිබිඹු වේ. එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අමාත්‍යාංශවල රාජ්‍ය නිලධාරීන් හට ඔවුන්ගේ නියෝජිතායතන අතර අන්තර් සහයෝගිතාව වර්ධනය කිරීමටත් ජාතික ආරක්ෂාව සඳහා සාකල්‍ය ප්‍රවේශයක් පෝෂණය කිරීමටත් අවස්ථාව ලැබේ යනුවෙන්ය.
වසරක කාලයක් පුරා දැරූ උත්සාහයේ විශිෂ්ටතම කූටප්‍රාප්තිය සනිටුහන් කළ ජාතික ආරක්ෂක විද්‍යාලයේ මෙම උපාධි ප්රදානෝත්සවයේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 33 දෙනෙකුට සහ විදේශ නිලධාරීන් 08 දෙනෙකුට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් උපාධි ප්රදානය කරන ලදී.
ජාතික ආරක්ෂක විද්‍යාලය රටේ ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනයන්හි ප්‍රමුඛතම ආයතනය ලෙසත්, හමුදාමය අධ්‍යාපනයේ උසස්ම අධ්‍යයනායතනය ලෙසත්, ප්‍රචලිත ආයතනයකි.
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විදේශ හමුදාවන්හි උසස් නිලධාරීන්, අධ්‍යයන පීඨ සාමාජිකයින්, විශේෂ ආරාධිතයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත