Home » හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා

හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා

by sachintha
November 20, 2024 1:21 am 0 comment

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ

හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.

“වෙළෙඳ පොළ ශක්තිමත් කිරීම සහ නිතර නිතර වෙළෙඳ පොළ තුළ මතුවන ආහාර හිඟයන් පරාජය කරමින් ඒවා ඇති කරන මාෆියාවන්. පරාජය කර අඛණ්ඩ ආහාර සැපයුමක් ලබාදීම අපේ අරමුණයි.

අපේ රටේ සහල් මාෆියාව හැදුවේ දේශාපලන මාෆියාකරුවන්. ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරන්න ජනතාව අද වන විට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය බලයත් මුදල් බලයත් යොදාගෙන මෙතෙක් කල් කවුරු හරි ජනතාව පීඩාවට පත් කළා නම් ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ ඒවා කරන්න බැහැ.

ජනතාව අපේක්ෂා කළ පසුගිය සැප්තැම්බර් දේශපාලන පරිවර්තනය පසුගිය 14 වැනිදා අපේක්ෂා සහිතව තුනෙන් දෙකකට වැඩි බහුතරයක් සහිතව මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ බලය ලබාදුන්නා. ඒ ලබාදුන් බලය සමඟ මේ වන විට කැබිනට් මණ්ඩලය නම් කළා. අපි රටට කිව්වා 25ට අඩු කැබිනට් මණ්ඩලයක් පත්කරන බව. ඒ කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද උදේ වරුවේ තිබුණා. අද සිට වැඩ භාර ගත්තා, වැඩ ආරම්භ කළා.

වෙළෙද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර ඇමැතිවරයා ලෙස වැඩ භාර ගනිමින් සාමූහික වගකීමක් කැබිනට් මණ්ඩලය තුළ දරමින් මේ රටට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ජීවත් වෙන්න අවශ්‍ය පහසු වටපිටාවක් ඇති කිරීමේ වගකීමක් ආණ්ඩුවට පැවරී තිබෙනවා. කැබිනට් ඇමැතිවරයා ලෙස මේ අමාත්‍යාංශයේ වගකීම මට පැවරී තිබෙනවා. මම විශ්වාස කරනවා. ඇමැතිවරයා ලෙස මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනත් ඒකාබද්ධ කරගෙන අපි අපේක්ෂා කරන ඉලක්කය සඳහා මේ රට ගෙනියන්න අපි අපේක්ෂා කරනවා.”

සුභාෂිණී සේනානායක

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT