රටක ආර්ථික, සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මූලිකවම නීතියේ අධිපත්‍යය අවශ්‍ය වන අතර රටේ පාලකයා ආදර්ශවත්ව නීතියට යටත්ව කටයුතු කළහොත් ජනතාව නීතියට ගරු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ ඇමැති ධුරයෙහි සිය රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව ඊයේ ( 19) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කිරීම හා නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ජාතික ජන බලවේගය ලැබු ජනවරමේ බලගතුම කරුණු දෙකයි. අධිකරණ ඇමැතිවරයාගේ කාර්යභාරය නඩු ඇසීම, මෙහෙයවීම නොව අවශ්‍ය පහසුකම් ලබාදීමයි.
දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කිරීම හා නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ජාතික ජන බලවේගය ලැබූ ජනවරමේ බලගතුම කරුණු දෙකයි. රටක ආර්ථික, සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මූලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. අධිකරණයේ ස්වාධීනත්වය අපි සුරක්ෂිත කළ යුතුයි. කාර්ය මණ්ඩලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අතිශයන් වැදගත් වෙනවා. පසුගිය කාලය තුළ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වීම සිදු වූ බවට සමාජය තුළ මතයක් තිබෙනවා. අපිට තිබෙන භාරධූර කාර්යයක් වන්නේ නැවත වතාවක් අධිකරණ පද්ධතිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීමයි. ජනතා විශ්වාසය දිනාගත් අධිකරණ අමාත්‍යාංශයක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, පොලිස් සේවයක් ස්ථාපිත කළ යුතුයි. ඇතැම් අණපනත් හා නීති සාකච්ඡා කිරීමෙන් අනතුරුව යාවත් කාලීන කළ යුතුයි. ජාතික ජන බලවේගය ලැබූ මහජන වරමේ තිබූ ප්‍රධානතම සාධකය වන නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමයි. එය ඉතා භාරධූර කාර්යයක් බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඇමැතිවරයාට, දේශපාලනඥයාට කාර්යභාරයක් මෙන්ම ඔහුගේ බලයට සීමාවක් තිබෙනවා. ඔහුත් නීතියට යටත් විය යුතුයි. ඔබ ලබා දුන් ජනවරම පිළිබඳව මොහොතකටවත් පසු තැවීමක් සිදු කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවකයින් වන ඔබ සියලු දෙනා සියයට අසූවක් වඩා දායකත්වයක් ජාතික ජන බලවේගයට ලබා දුන්නා. මේ රටේ නීතියක් ව්‍යවස්ථාවක් තිබෙනවා. සියලු දෙනා එයට යටත් විය යුතුයි. අපි නව නීති අණපනත් අත්තනෝමතිකව ගෙන එන්නේ නැහැ . අවශ්‍ය පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අණපනත් නීති ගෙන එනවා.
අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් සේවාදායකයාට අවශ්‍ය සේවාව සිදු වන්නේ නැහැ. අධිකරණයට පහසුකම් අවශ්‍යයි. නඩු ප්‍රමාදයට අවශ්‍ය විසඳුම් සාකච්ඡා කිරීමෙන් පසුව ගෙන ආ යුතුයි.
බුද්ධිකා ඉඹුලාන