Home » තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

by sachintha
November 20, 2024 1:13 am 0 comment

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ කළ විශේෂ මෙහෙයුමකදී තීරු බදු රහිතව නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා විකිණීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි තොගයක් බත්තරමුල්ල හා පිටකෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකක තිබී සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහූ පවසති.

එසේම, රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බත්තරමුල්ල, බැද්දගාන, මරදාන සහ ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි 64, 30, 53 සහ 28 යන වයස්වල අයවලුන් බව ද පොලිසිය සඳහන් කරයි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 54478 වසන්ත නිලධාරියාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී දුම් වැටි 20 බැගින් ඇසුරුම් කළ සිගරට් පෙට්ටි 100ක් බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකින් සහ දුම්වැටි 20 බැගින් ඇසුරුම් කළ සිගරට් පෙට්ටි 50ක් පිටකෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරු ඉතා රහසිගතව ගැනුම්කරුවන්ට ලබාදීම සඳහා ලබාගෙන තිබූ නීතිවිරෝධී දුම්වැටි අඩංගු පෙට්ටි වෙ‍ෙළඳසැලේ ස්ථාන කිහිපයක සඟවා තිබිය දී සොයාගත් බවත් පිටකෝට්ටේ වෙ‍ෙළඳසලේ හිමිකරු මෙරට නිෂ්පාදිත දුම්වැටි සමඟ කලවමේ විකිණීම සඳහා නීති විරෝධී දුම්වැටි සන්තකයේ තබාගෙන තිබූ බවත් පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස් ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 54478 වසන්ත, පොලිස් කොස්තාපල් 82936 මදුසංක, 11523 චන්ද්‍ර කුමාර, 103719 ගයාෂාන් යන නිලධාරීහූ සිදු කරනු ලබති.

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT