හංවැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකදී හංවැල්ල ප්‍රදේශයේ අයිස් හා හෙරොයින් බෙදන පුද්ගලයන් තිදෙනකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පැවසීය.
ඒ අනුව, කඩුගොඩ දකුණ, අංක 277හි පදිංචි වයස අවුරුදු 38ක් වන අවිවාහක පුද්ගලයකු අයිස් මිලිග්‍රෑම් 670ක් සමඟ අත්අඩංගුවටගෙන ඇති අතර, කහහේන දුම්රියපොළ අසලදී කඩුගොඩ අංක 298/1හි පදිංචි වයස අවුරුදු 30ක පෙදරේරුවකු හෙරොයින් මිලිග්‍රෑම් 700ක් ද, කළුඅග්ගල හංවැල්ල අංක 195/ ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 22ක් වන අවිවාහක පුද්ගලයකු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් තිදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් තිදෙනාම ඩුබායි රටේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සබඳතා දැක්වූ පුද්ගලයන් බවයි.
හංවැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පොලිස් සැරයන් (70071) විජේසුන්දර, පොලිස් කොස්තාපල් (92993) තිලකරත්න (97051) පසිදු, (99107) සඳරුවන්, (100087) ජානක,(103498) ඩිල්ෂාන් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
හංවැල්ල විශේෂ අජිත් හේවසිංහ