Tuesday, May 13, 2025
Home » ‘සරුකෙතක අස්වැන්න’ සාහිත්‍ය උලෙළේදී මාධ්‍යවේදීන් දෙදෙනකුට සම්මාන

‘සරුකෙතක අස්වැන්න’ සාහිත්‍ය උලෙළේදී මාධ්‍යවේදීන් දෙදෙනකුට සම්මාන

by sachintha
November 20, 2024 1:10 am 0 comment

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ‘සරුකෙතක අස්වැන්න’ සාහිත්‍ය කලා මහෝත්සවය එම විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනකු වන ඉන්දික සංජීව විතාන සහ මංගල ප්‍රසන්න එදිරිසිංහ යන මහත්වරුන්ට ඇගයුම් සම්මාන ප්‍රදානය කිරීම විශේෂත්වයක් විය. ළමා ලේඛක පරපුරක් ජාතියට දායාද කිරීමට කැපවූ ලේඛකයකු මෙන්ම කෘති 30කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කර ඇති ගත් කතුවරයකු වන ඉන්දික සංජීව විතාන මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය උපාධිධාරියකු මෙන්ම ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියකු ද වේ. එමෙන්ම අංකුර ගුරු නිර්මාණකරුවන් රටට හඳුන්වා දෙන ගුරුගෙදර ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘවරයාය.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මංගල ප්‍රසන්න එදිරිසිංහ මහතා පාසල් අවධියේ සිටම මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වූ අයකු වන අතර, රූපවාහිනී හා ගුවන්විදුලි ඩිප්ලෝමාධාරියෙකි.

විද්‍යාලයේ විදුහල්පති ජනක් අබේරත්න මහතා ඉන්දික සංජීව විතාන සහ මංගල ප්‍රසන්න එදිරිසිංහ යන මාධ්‍යවේදීන් වෙත ඇගයුම් සම්මාන පිළිගැන්වූ ආකාරය ඡායාරූපවලින් දැක්වේ.

 

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT