Tuesday, May 13, 2025
Home » හොරවල කුඹුරු යායක් පැරෂුට් ක්‍රමයෙන් වපුරයි

හොරවල කුඹුරු යායක් පැරෂුට් ක්‍රමයෙන් වපුරයි

by sachintha
November 20, 2024 1:11 am 0 comment

 

එළැඹෙන 2024 / 2025 මහා කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමේ කටයුතු මේ දිනවල ආරම්භ වීමත් සමඟ මතුගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් 794 හොරවල ග්‍රාමනිලධාරී වසමේ ස්වශක්ති කාන්තා සමිතියේ සාමාජිකයන් විසින් කුඹුරු වපුරා පැරෂුට් ක්‍රමයට ගොයම් පැළ සිටුවීම පසුගියදා ආරම්භ කෙරිණ.

794 හොරවල ග්‍රාමනිලධාරී වසමේ බිඩංගියාව කුඹුරු යායේ මෙසේ පැරෂුට් ක්‍රමයට ගොයම් පැළ සිටුවීම සිදු කළ අතර, මතුගම ගොවිජන සංවර්ධන නිලධාරී ගයනි වීරක්කොඩි මහත්මියගේ උපදෙස් අනුව කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරී ප්‍රබුද්ධි මහත්මිය විසින් ස්වශක්ති කාන්තා සමිතියේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබිණි.

මතුගම සමූහ

බී.ටී. තඹවිට, කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT