Home » ඇඹුල්දෙණියට වසර 2කට පසු ටෙස්ට් පිලේ දොර ඇරේ

ඇඹුල්දෙණියට වසර 2කට පසු ටෙස්ට් පිලේ දොර ඇරේ

by sachintha
November 20, 2024 1:08 am 0 comment

සතියකින් පසු ආරම්භවන දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට ලසිත් ඇඹුල්දෙණිය හා කසුන් රාජිත කැඳවා ඇත. ඇඹුල්දෙණිය ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ වසර 2කට පසුවීම විශේෂත්වයකි. 2022 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහි ගාලු ටෙස්ට් තරගයෙන් පසු ඇඹුල්දෙණියට ටෙස්ට් සංචිතයේ ස්ථානය අහිමිවී ගියේය. කසුන් රාජිතට මේ වසරේ පැවති බංග්ලාදේශ ටෙස්ට් තරගයෙන් පසු කැඳවීමක් නොවිණි.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයෝ 17ක් ඇතුළත්ව සිටිති. සංචිතයට වේගපන්දු යවන්නන් 5ක් ඇතුළත්ව ඇති අතර, දඟපන්දු යන්නන් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තරග දෙකකින් යුත් දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය මේ 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 5දා සිට පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිය පුහුණුවීම් අරඹා ඇති අතර, අනෙකුත් ක්‍රීඩක පිරිස අනිද්දා (22) දකුණු අප්‍රිකාව බලා පිටත් වේ.

ටෙස්ට් සංචිතය මෙසේය: ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT