සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී පදක්කම් දිනා ගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත් වූහ. සැම්බියාවේ ලුසාකා අගනුවර පැවති එම තරගාවලියේ කාන්තා යුගල අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි තරගයට පෙර අනාවැකි පළ වුවද, පෙරළිකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් හමුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ. එම තරගයේ පළමු වටයේ සිටම හසිනිට සහ හසරාට ප්‍රබල තර්ජනයක් එල්ල කළ මාලදිවයින ක්‍රීඩිකාවෝ ලකුණු 21-17ක් සහ 21-19ක් ලෙස තරගය ජය ගත්හ.
සැම්බියාවේදී අහිමි වූ රන් පදක්කම බලාපොරොත්තුවෙන් හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න බොට්ස්වානාහි පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත අතර, එම තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 දක්වා බොට්ස්වානාහි ඔට්සේ පොලිස් විදුහල් ගෘහස්ථ ජිම්නාස්ටික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ෆවුස් මොහොමඩ්