Home » ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹීමට පැමිණි සිසු දරුවෝ…

ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹීමට පැමිණි සිසු දරුවෝ…

by Gayan Abeykoon
November 21, 2024 1:05 am 0 comment

උපාලි කරු­ණා­රත්න සහ ජය­සිරි මුණ­සිංහ

රත්න­පුර කර­විට මධ්‍ය විද්‍යා­ලය, කටු­ග­ස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යා­ලය සහ රුව­න්වැල්ල රාජ­සිංහ මධ්‍ය විද්‍යා­ලය ආදි­යෙහි සිසු සිසු­වියෝ ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹී­මට පෙරේදා (19) පැමි­ණි­යහ.

ජනා­ධි­පති කාර්යා­ලය, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය හා පාර්ලි­මේන්තු ජන­ස­න්නි­වේ­දන අංශය ඒකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කර ඇති මෙම වැඩ­ස­ට­හන තුළින් දිව­යිනේ පාසල් දරු­වන්ට ජනා­ධි­පති කාර්යා­ලය, ජනා­ධි­පති මන්දි­රය, කොළඹ වරාය නග­රය සහ පාර්ලි­මේ­න්තුව නැර­ඹී­මට අව­ස්ථාව උදා කරදී තිබේ.

ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹී­මට පැමිණි සිසු සිසු­වි­යන්ට පාර්ලි­මේන්තු ඉති­හා­සය සම්බ­න්ධව දැනු­ම්වත් කිරී­මක් ද මෙහිදී සිදු විය.

මේ අව­ස්ථාව සනි­ටු­හන් කර­මින් ජනා­ධි­පති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා වෙත අදාළ පාස­ල්වල විදු­හ­ල්ප­ති­ව­රුන් සහ සිසු සිසු­වියෝ විසින් සමරු තිළිණ පිළි­ගැන්වූ අතර, ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය විසින් අදාළ පාස­ල්වල රෝප­ණය කිරී­මට වටිනා පැළ­යක් සිහි­ව­ට­න­යක් ලෙස පිළි­ගැ­න්වීම ද සිදු කෙරිණි.

අන­තු­රුව ජනා­ධි­පති ලේක­ම්ව­රයා පාසල් සිසු සිසු­වි­යන් සමඟ සුහද කතා­බ­හ­කට ද එක්විය. ජනා­ධි­පති කාර්යා­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් (නීති) නීතිඥ ජේ.එම්. බණ්ඩාර මහතා ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යේය.

 

ඡායා­රූ­ප – රංගන කුමාර   

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT