Home » මව්බි­මට එරෙ­හිව නැඟෙන ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ගැ­නී­මට සූදා­නම්

මව්බි­මට එරෙ­හිව නැඟෙන ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ගැ­නී­මට සූදා­නම්

ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩ­ලික ප්‍රධානී, නැඟෙ­න­හිර නාවික ආඥා­පති, රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු

by Gayan Abeykoon
November 21, 2024 1:05 am 0 comment

ත්රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද අම­ර­ජීව
පුහු­ණු­වක් ලැබූ පිරිස් වෙත මවු­පි­යන් පද­ක්කම් පල­ඳ­ව­මින්
රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා පෙළ­පා­ළිය පරීක්ෂා කර­මින්

රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා පෙළ­පා­ළිය පරීක්ෂා කර­මින්

මව්බි­මට එරෙ­හිව නැඟෙන ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ගැ­නී­මට ඔබ සියලු දෙනා සූදා­නම් විය යුතු බව ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩ­ලික ප්‍රධානි, නැඟෙ­න­හිර නාවික ආඥා­පති, රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ නාවික හමුදා මැරීන් බළ­කායේ නව වැනි බඳවා ගැනී­මට අයත් බළ­ඇණි පාඨ­මා­ලාව සාර්ථ­කව හැදෑරූ නිල­ධා­රීන් හත් දෙනකු සහ සෙසු නාවි­ක­යන් විසි දෙන­කුට නිල ලාංඡන පැල­ඳ­වීමේ අව­ස්ථා­වට එක් වෙමිනි. මේ උත්ස­වය ත්‍රිකු­ණා­ම­ලය සාම්පූර් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳ­වු­රේදී පෙරේදා (19) පැවැ­ත්විණි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පුහු­ණු­වෙන් ලද පන්න­ර­යෙන් මව්බිමේ ස්වෛරී­භා­වය, භෞමික අඛ­ණ්ඩ­තාව සුරැ­කී­මට ඔබ සියලු දෙනා දායක විය යුතුයි. රාජ­කාරි ජීවි­ත­යේදී සහ පෞද්ග­ලික ජීවි­ත­යේදී අධි­ෂ්ඨා­න­යෙන් යුතුව කට­යුතු කිරී­මට මේ පුහු­ණුව ඔබට උප­යෝගී කර ගත හැකියි. මව්බි­මට එරෙ­හිව නැඟෙන ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ගැ­නී­මට ඔබ සූදා­නම් විය යුතුයි. ඒ සඳහා සෑම විටම දැනුම සහ පුහු­ණුව යාව­ත්කා­ලීන කර­ගැ­නීම ඔබ සතු වග­කී­මක්.”

මේ පාඨ­මා­ලාවේ දක්ෂ­තම මැරීන් සාමා­ජි­කයා ලෙස උප ලුති­නන් ආර්.එම්.සී. කරු­ණා­රත්න, සියලු විෂ­ය­ය­න්ගෙන් වැඩිම ලකුණු ගත් සාමා­ජි­කයා සහ දක්ෂ­තම ඉල­ක්ක­කරු ලෙස ලුති­නන් ඒ.එච්.ජී.සී. ද සිල්වා සහ දක්ෂ­තම ශාරී­රික යෝග්‍ය­තාව හිමි සාමා­ජි­කයා ලෙස උප ලුති­නන් ඩී.එම්.එච්.එස්.එල්. දිසා­නා­යක නිල­ධා­රීහු මෙහිදී සම්මාන ලැබූහ. පුහු­ණුව ලැබූ­වන් මෙහිදී සංද­ර්ශ­න­යක් ද ඉදි­රි­පත් කරන ලදි.

මේ අව­ස්ථා­වට නාවික හමු­දාවේ ධජ නිල­ධාරී කොම­දෝරු සංජීව පෙරේරා, මැරීන් අධ්‍යක්ෂ කොම­දෝරු රෝහන් දිසා­නා­යක සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳ­වුරේ ආඥා­පති කපි­තාන් සංජීව කොඩි­කාර මහ­ත්වරු ද සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT