Sunday, May 11, 2025
Home » බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි වැඩ අර­ඹයි

බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි වැඩ අර­ඹයි

by Gayan Abeykoon
November 21, 2024 1:04 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

බල­ශක්ති ඇමැති විදුලි ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා ඊයේ (19) කොළඹ මල්පාරේ පිහිටි බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය.

ජාතික ජන බල­වේ­ගය විසින් ඉදි­රි­පත් කළ “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ප්‍රති­පත්ති ප්‍රකා­ශය ඉදි­රි­යට ගෙන­ය­මින් මහ­ජන මූලික බල­ශක්ති ක්ෂේත්‍ර­යක් ඇති කිරීමේ කාර්ය­යට නාය­ක­ත්වය දෙන බව ප්‍රකාශ කළ ඇමැ­ති­ව­රයා, මහ­ජ­න­තා­වට දැරිය හැකි මිල­කට සුර­ක්ෂිත, පිරි­සිදු බල­ශක්ති ප්‍රභ­ව­යන් වෙත පිවි­සීමේ හැකි­යාව ලබා දීමට සැමට එක්වන ලෙසට ආරා­ධනා කළේය.

බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් මහා­චාර්ය කේ.ටී.එම්. උද­යංග හේම­පාල මහතා ඇතුළු උසස් නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT