Home » දිළිඳු බවින් තොර පොහො­සත් රටක් ගොඩ­නැ­ඟී­ම අපේ අරමුණයි

දිළිඳු බවින් තොර පොහො­සත් රටක් ගොඩ­නැ­ඟී­ම අපේ අරමුණයි

ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීමේ ඇමැති, මහා­චාර්ය උපාලි පන්නි­ලගේ

by Gayan Abeykoon
November 21, 2024 1:06 am 0 comment

රන්මලී සෝම­සිරි

ජන­තාව බල­ගතු කර නිද­හස් නිව­හල්ව තීරණ ගැනීමේ පරි­ස­ර­යක් සැක­සීම මඟින් දිළිඳු බවින් තොර පොහො­සත් රටක් ගොඩ­නැ­ඟී­මට කට­යුතු කරන බව ග්‍රාමීය සංව­ර්ධන සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීමේ ඇමැති, මහා­චාර්ය උපාලි පන්නි­ලගේ මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ එම අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (19) වැඩ භාර ගනි­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

“මේ අමා­ත්‍යාං­ශය යටතේ සමාජ ආර­ක්ෂණ හා ප්‍රජා සවි­බල ගැන්වීම පැව­තු­ණත් ග්‍රාම සංව­ර්ධන විෂය තිබුණේ නැහැ. ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව රටේ දිළි­ඳු­කම තුරන් කිරීමේ ක්‍රියා­ව­ලි­යේදී ග්‍රාමීය දිළි­ඳු­කම කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර­නවා. ජන­ග­හ­න­යෙන් තුනෙන් දෙක­කට වැඩි පිරි­සක් ජීවත් වන්නේ ග්‍රාමී­ය­වයි. නිද­හස ලැබුණු දා සිට සමාජ ආර­ක්ෂ­ණය පිළි­බ­ඳව ජන­ස­විය, සමෘ­ද්ධිය වැනි විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කළා. දැන් අස්වැ­සුම ක්‍රියා­ත්ම­කයි. මේ යටතේ විශාල පවුල් සංඛ්‍යා­වක් ප්‍රති­ලාභ ලබ­නවා. ජාතික ජන බල­වේ­ගය මැති­ව­ර­ණ­ව­ලට ඉදි­රි­පත් වීමට පෙර මේ සම්බ­න්ධ­යෙන් විශේෂ සමාජ ආර­ක්ෂණ ප්‍රති­ප­ත්ති­යක් සකස් කර ජන­තා­වට ඉදි­රි­පත් කළා. ජන­තාව අපට බලය දුන්නේ ඒ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කර­න්නයි. ඒ අනු­වයි මේ අමා­ත්‍යාං­ශය අලු­තින් පිහි­ටු­වන්නේ. ග්‍රාමීය දිළි­ඳු­භා­වය තුරන් කර­න්න­ටත් සමාජ ආර­ක්ෂ­ණය අවැසි අයට සමාජ ආර­ක්‍ෂ­ණය ලබා­දෙ­න්න­ටත් අපි කට­යුතු කර­නවා.

අපේ රටට අවශ්‍ය සුබ­සා­ධ­නය නොවෙයි. අවශ්‍ය අයට සුබ­සා­ධ­නය ලබා­දෙන අතරේ සියලු දෙනා බල­ගතු කර නිද­හස්ව නිව­හල්ව තීරණ ගැනී­මට හැකි පරි­ස­ර­යක් සකස් කිරී­ම­ටත්, දිළිඳු බවින් තොර පොහො­සත් රටක් ගොඩ­නැ­ඟී­ම­ටත් බලා­පො­රොත්තු වෙනවා.

සමෘද්ධි වැඩ­ස­ට­හන අව­සන් වෙලා නැහැ. අව­සන් වී ඇත්තේ සමෘද්ධි ප්‍රති­ලාභ ලබා­දී­මයි. ඒ වෙනු­වට අස්වැ­සුම ආරම්භ කර තිබෙ­නවා. සමාජ ආර­ක්ෂණ ප්‍රති­ලා­භය අවම රුපි­යල් දස­ද­හ­සක් දක්වා වැඩි කර අවශ්‍ය අයට සමාජ ආර­ක්ෂණ හා සුබ­සා­ධ­නය ලබා­දෙ­නවා. අස්වැ­සුම වැඩ­ස­ට­හන නතර කරන්න අපේ අද­හ­සක් නැහැ. අස්වැ­සුම වැඩ­ස­ට­හන සඳහා ප්‍රති­ලා­භීන් තෝරා­ගැ­නී­මට දේශ­පා­ලන මැදි­හ­ත්වීම් සිදු වූ බවට අභි­යා­චනා ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. අව­ශ්‍යම අයට අස්වැ­සුම නැහැ කිය­ලත්, අවශ්‍ය නැති අයට අස්වැ­සුම තියෙ­නවා කිය­ලත් චෝද­නා­වක් තියෙ­නවා. ඉදි­රි­යේදී නිවැ­රදි නිර්නා­යක ඔස්සේ අස්වැ­සුම ප්‍රති­ලා­භය අවශ්‍ය අය තෝරා­ගැ­නී­මට පිය­වර ගන්නවා.”

ඡායා­රූපය – ශාන් රූප­ස්සර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT