Home » රවි ලැයි­ස්තු­වෙන් පත් කිරීම අව­බෝ­ධතා ගිවි­සු­මට පරි­බා­හි­රව කිසි­වක් කර නෑ

රවි ලැයි­ස්තු­වෙන් පත් කිරීම අව­බෝ­ධතා ගිවි­සු­මට පරි­බා­හි­රව කිසි­වක් කර නෑ

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ලේකම්

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

සන්ධා­න­ගත පක්ෂ සහ අප පක්ෂය අතර ඇති කර ගත් අව­බෝ­ධතා ගිවි­සුම් ප්‍රකා­රව අප පක්ෂ­යට හිමි වූ ජාතික ලැයිස්තු ධුර­යට අයකු නම් කිරී­මට අපට ඇති අයි­තිය අනුව ක්‍රියා කිරීම වර­දක් හෝ අත්ත­නෝ­ම­තික ක්‍රියා­වක් ලෙස යමකු දකින්නේ නම් අපට කිව හැක්කේ අප විසින් අව­බෝ­ධතා ගිවි­සු­මට පරි­බා­හි­රව හෝ ඊට හානි වන කිසි­වක් සිදු කර නැති බව යැයි නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහ­ත්මිය සඳ­හන් කර­න්නීය.

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් සඳහා රවි කරු­ණා­නා­යක මහතා පත් කිරීම සම්බ­න්ධ­යෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැන කරුණු පැහැ­දිලි කර­මින් ඇය මේ බව සඳ­හන් කර තිබේ.

“2024 නොවැ­ම්බර් 18 වැනි දින වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කළ යුතුව තිබුණු නමුදු ඒ වන තෙක් සන්ධා­නයේ සෙසු පක්ෂ­වල නියෝ­ජ­නය මා වෙත දැනුම් දී නොති­බුණු නිසා අප පක්ෂය විසින් ගන්නා ලද තීර­ණය වූ රවි කරු­ණා­නා­යක මහ­තාගේ නම මැති­ව­රණ කොමි­ෂන් සභාව වෙත භාර දීමට කට­යුතු කළා. ඊට පෙර අප පක්ෂය මඟින් ස්ථිර කරනු ලැබූ යෝජ­නාව රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත දැන්වී­මට කට­යුතු කළා.“ යැයි ශ්‍යාමිලා පෙරේරා මහ­ත්මිය සඳ­හන් කර­න්නීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT