Home » ගව ඝාත­කා­ගා­ර­යක් වටලා කතක් දැලේ

ගව ඝාත­කා­ගා­ර­යක් වටලා කතක් දැලේ

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

ඩී.එස් ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

මොන­රා­ගල පොලිස් වස­මට අයත් කුඹු­ක්කන, පාරා­වි­ල­වත්ත ප්‍රදේ­ශයේ බල­පත්‍ර රහි­තව පව­ත්වා­ගෙන ගිය ගව ඝාත­කා­ගා­ර­යක් මොන­රා­ගල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (19) වට­ලනු ලැබ ඇත.

එහිදී ගව­මස් කිලෝ 67ක් ළඟ තබා­ගෙන සිටි එම ප්‍රදේ­ශ­යේම කාන්තා­වක් ද පොලී­සිය භාර­යට ගෙන තිබේ. සැක­කා­රිය සහ නඩු­භාණ්ඩ මොන­රා­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු යොදා ඇත. මොන­රා­ගල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ උ.පො.ප මධු­සංඛ මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වැට­ලීම සිදු කර තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT